නවක වදය තුරන් කරන්න ජාතික කමිටුවක්

මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් නවක වදය තුරන් කිරීම සඳහා නවක වද විරෝධී ජාතික කමිටුවක් පිහිටුවා ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් ප්‍රකාශ කරනවා.

ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ, මානව හිමිකම් කොමිෂන් සභාවේ, පොලිස්පතිවරයාගේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ, සහ උපකුලපතිවරුන්ගේ සංගමයේ නියෝජිතවරුන් මේ කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එසේම පැය 24 පුරාම ක්‍රියාත්මක 1977, 011 21 23 700 යන දුරකථන අංක වලට හෝ 076 54 53 454 යන WhatsApp අංකය හරහා නවක වැඩ සිද්ධීන් සම්බන්ධයෙන් දැනුම් දිය හැකි වනවා.

පසුගිය මාස 12 ක කාලයේ දී නවකවද සිද්ධීන් 36 ක් වාර්තා වී ඇති අතර එය පෙර වසර වලට සාපේක්ෂ අඩු අගයක් ගන්නා බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.