ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ආර්ථිකය යළි නගා සිටුවීම සඳහා ගෙන යන වැඩපිළිවෙලට ලෝක බැංකුවේ පූර්ණ සහය ලබා දෙන බව එහි සභාපති අජේ බංගා ප්‍රකාශ කර තිබෙනවා.
ඒ ඔවුන් දෙදෙනා අතර ඊයේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී පවතී සාකච්ඡාවක් අතරතුර ය.
විදේශ අමාත්‍ය අලි සබ්රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් යන ය ද මෙම අවස්ථාවට එක්ව සිට තිබෙන බවයි වාර්තා වෙන්නේ.

