සංශෝධනය කර නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති නව ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව අධිකරණයට යෑමට සැලසුම් කර ඇති බව සමගි ජන බලවේගය පක්ෂය ප්‍රකාශ කරනවා.
ඔවුන් සඳහන් කරන්නේ මින් පෙර ප්‍රති ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී එයට විරුද්ධව පාර්ශව රැසක්ම අධිකරණය ට ගිය බවත්, ජාත්‍යන්තර සංවිධාන රැසක් ද එයට විරෝධය පළ කළ බවත් ය
නව පනත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළ ද තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති අතර, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු එයට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේ.

