යුනිසෙෆ් සංවිධානය හරහා ලබා දෙන කහ උණ සඳහා ලබාදෙන එන්නත් 2,000 ක් ඉදිරි සතියේ දී ලැබීමට නියමිත බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. වීජේසූරිය ප්‍රකාශ කරනවා.
අප්‍රිකානු රටවලට වෙනත් රටවලින් යන සියලුදෙනා මෙම එන්නත ලබා ගැනීම අනිවාර්ය අතර එම රටවලට යෑමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් පන්දහසකට ආසන්න පිරිසක් මෙම එන්නත ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින බවයි වාර්තා වෙන්නේ.
දැනට කහ උණ සඳහා ලබා දෙන එන්නත් 6,000 ක පමණ අවශ්‍යතාවයක් ලංකාව තුළ ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ.

