ලබන නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති 2023 අ.පො.ස. උසස් පෙළ විභාගය කල් දැමීම සම්බන්ධ යෝජනාවක් අද පාර්ලිමේන්තුවේදී රෝහිණී කවිරත්න මහත්මිය විසින් ගෙනවිත් තිබෙනවා.
ඇය අධ්‍යාපන අමාත්‍යවරයාට පවසන්නේ 2023 වර්ෂයේ පාසල් තෙවන වාරය 2023.10.30 සිට 2023.12.22 කට සති 08ක් සහ 2024 .01.01 සිට 2024.01.19 සති 03 ක් වන ලෙස පැවැත්වීමට කටයුතු කරන ලෙස යි.
එසේ වුවහොත් 2023 උසස් පෙළ විභාගය 2024 වසරේ ජනවාරි 22 ආරම්භ කර 2024 පෙබරවාරි 17 අවසන් කළ හැකි බවත්, ඉන් පසුව පෙබරවාරි 19 වන දා සිට 2024 පළමු වාරය ආරම්භ කළ හැකි බවත් ඇය පෙන්වා දෙනවා.
මෙම යෝජනාවට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයාගේ අවධානය මේ වන විටත් යොමුව ඇති අතර එතුමා ඉදිරියේ දී විභාගය පැවැත්වෙන දින සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන බවයි.

