සමූපාකාර තොග වෙළඳ සංස්ථාවේ සියලුම සේවකයන් විශ්‍රාම යවයි

සමූපාකාර තොග වෙළඳ සංස්ථාව හෙවත් සතොස ආයතනයේ සියලුම සේවකයන් අනිවාර්ය විශ්‍රාම ගන්වා සතොස වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා.

දැනට සතොස ආයතනයේ සේවකයන් 293 දෙනෙක් සේවය කරන අතර ඔවුන් සියලු දෙනාම මේ මස 30 වන දා සිට විශ්‍රාම යැවීමට කටයුතු කරන බවයි සතොස සභාපතිවරයා දැනුම් දී තිබෙන්නේ.

ඒ අනුව මෙම සේවකයන්ට සැප්තැම්බර් මාසයට අදාළ වැටුප සහ වන්දි සුත්‍රයකට අනුව හිමි වන වන්දි මුදල දින 15 ක් ඇතුළත ගෙවා නිම කරන බවයි සභාපතිවරයා සඳහන් කරන්නේ.

එසේම ඔවුන්ට ව්‍යවස්ථාපිත දීමනා, අර්ථ සාධක අරමුදල් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් ද හිමි වනු ලබනවා.