2023 වසරේ දෙවැනි කාර්තුවේ දී මෙරට දළ දේශීය නිෂ්පාදිතය පසුගිය වසරට සාපේක්ෂ ව 3.1% කින් අඩු වී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
කෘෂිකාර්මික අංශයේ වර්ධනයක් දක්නට ලැබුණත් කාර්මික හා සේවා අංශයේ පසුබෑමක් දක්නට ලැබෙන බවයි දෙවැනි කාර්තුවේ ගිණුම් ඇස්තමේන්තු එළි දක්වමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව 2023 වර්ෂයේ දෙවැනි කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,597,441ක් ලෙස වාර්තා වී ඇති අතර 2022 වර්ෂයේ දී මෙම අගය රුපියල් මිලියන 2,680,074ක් ලෙස වාර්තා වී තිබිණි.

