පසුගිය සිකුරාදා මොරෝක්කොවට බලපෑ රිච්ටර් මාපක 6.8 ක ප්‍රබලත්වයෙන් යුතු භූමි කම්පාව හේතුවෙන් එරට බොහෝ දෙනෙක් ජිවිතක්ෂයට පත් වුණු අතර එහි වූ ගොඩනැගිලි වලට ද ඉතා විශාල හානියක් සිදු විය.
කඳුකර ප්‍රදේශ වල වූ පස්කඳු ආදිය කඩා වැටීම නිසා මාර්ග බොහොමයක් අවහිර වීම හේතුවෙන් ගලවා ගැනීමේ කණ්ඩායම් වලට ද ඒ ප්‍රදේශ වලට යාමට දුෂ්කරතා මතු වීම නිසාවෙන් කඳුකර ජනතාව බොහෝ අපහසුතාවයට පත් වී තිබෙනවා.
ඒ අදාළ ස්ථාන වලට යන්ත්‍ර සුත්‍ර වලට ද ළඟා වීම අසීරු වූ අතර එය ඉතා සියුම්ව කළ යුතු කාලය වැය වන දෙයක් වනවා.
මේ හේතුවෙන් කඳුකර වැසියන් විසින් එම සුන්බුන් මාර්ගයෙන් ඉවතට ගෙනයාමට, වඩාත් දුෂ්කර ස්ථානවලට සහනාධාර සැපයීමට සහ මිනිසුන්ව ගමන් කරවීමට එම ගම්මාන වල වෙසෙන බූරුවන් යොදා ගෙන තිබෙන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.






