යුක්‍රේන ජනපති බයිඩන් හමු වීමේ අපේක්ෂාවෙන්

යුක්රේන ජනාධිපති Volodymyr Zelensky ලබන සතියේ එක්සත් ජනපදයට පැමිණි විට ධවල මන්දිරයේ දී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් හමුවීමට සැලසුම් කර ඇති බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරනවා.

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව සටන් කිරීම සඳහා තවත් එක්සත් ජනපද ආධාර ලබා ගැනීම මෙම හමුවේ අරමුණ බවයි වාර්තා වෙන්නේ.

මේ වන විට යුක්රේනයේ හමුදාවට එක්සත් ජනපදය විසින් ඩොලර් බිලියන ගණන් ආයුධ සහ ආධාර සපයා ඇති අතර තවත් ආධාර පැකේජයක් ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සොයා බැලීමට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පසුගිය සතියේ යුක්රේනයේ සංචාරයක නිරත විය.

මින් පෙර යුක්රේනයට ලබා නොදෙන බව සඳහන් කළ ක්ෂය වූ යුරේනියම් ටැංකි ෂෙල් ද මේ යටතේ ලබා දීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එසේම ලබන සතියේ නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේ දී ද යුක්රේන ජනාධිපති භාව අමතමින් දේශනයක් පැවැත්වීමට නියමිත අතර තවත් ලෝක නායකයන් කිහිපදෙනෙක් ද හමු වී සාකච්ඡා කිරීමට නියමිත ය.