වගා හානි තක්සේරුව අවසන් අදියරයේ

නියඟයෙන්, වර්ෂාවෙන් මෙන්ම සේනා දළඹු හානියෙන් වගාවට සිදු වූ හානි තක්සේරුව ගණනය කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසනවා.

මේ වන විට නියඟය හේතුවෙන් වගාවන්ට වූ හානිය තක්සේරු කර අවසන් වන අතර වර්ෂාව නිසා සිදු වූ හානිය තවමත් තක්සේරු කරමින් පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

එසේම වගා හානි වන්දි ගෙවීම සම්බන්ධව අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ද කටයුතු සුදානම් කර ඇත.

දැනට අනාවරණය වී ඇති පරිදි කුඹුරු අක්කර 65,000කට හානි සිදු වී ඇති අතර ගොවින් 67,000ක් පමණ එයින් පීඩාවට පත් වී තිබෙනවා.