මෙක්සිකෝවේ ප්‍රදර්ශනය කළ මිනිස් නොවන මළ සිරුරු

මෙක්සිකෝවේ හඳුනා නොගත් විෂම සංසිද්ධි (UAP) පිළිබඳ මෙක්සිකෝවේ පළමු කොන්ග්‍රස් උත්සවයේ දී පැය 3 කට ආසන්න මාධ්‍ය සාකච්චාවක් පවත්වා පසුගිය 13 වන දා ඉතිහාසයේ පළමු වරට පෘථිවියෙන් පිට ජීවීන්ගේ සිරුරු දෙකක් ප්‍රදර්ශනය කරනු ලැබුවා.

පේරු හි ඉපැරණි නාස්කා රේඛා අසලින් මෙම නිදර්ශක සොයා ගෙන ඇති අතර මෙක්සිකෝවේ ජාතික ස්වයං පාලන විශ්ව විද්‍යාලය (UNAM) විසින් කාබන් දින නියම කර ඇති අතර ඒවා වසර 1,000 ක් පමණ බව එහි දී අනාවරණය කර තිබෙනවා.

ඔවුන් සඳහන් කළේ විද්‍යාඥයන් බොහෝ පිරිසක් මෙම සිරුරු සමඟ කරන ලද පරීක්ෂණ රාශියකින් අනතුරුව මෙසේ මේවා ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරුණු බවයි.

මෙම මළ සිරුරු ආදර්ශක පෘථිවි භූමියේ පරිණාමයට සම්බන්ධ නොවන බව එම පරීක්ෂණ වල දී විශේෂඥයන් විසින් තහවුරු කර ඇති බව ආකාශවස්තු පිළිබඳ විශේෂඥයකු (Ufologist) වන මාධ්‍යවේදී Jaime Maussan පෙන්වා දෙනවා.

එසේම මෙම මළ සිරුරුවලින් ලබාගත් DNA වලින් 30%ක් ම හඳුනානොගත් DNA බව ද, එක් මළසිරුරක අභ්‍යන්තරයේ බිත්තර 3ක් තිබී ඇති බව ද ඒවායේ X ray ඡායරූප ආශ්‍රයෙන් ඔහු පැහැදිලි කර තිබෙනවා.

මින් පෙර ද අවස්ථා කිහිපයක දී මෙලෙස කුඩා සිරුරු ලෝකයේ ප්‍රදේශ කිහිපයකින් ම සොයා ගෙන ඇති අතර ඒවා ද කුඩා වූ ශරීර වනවා.