විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයට කැඳවීමේ සැලසුමක්

විශ්‍රාමික වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් නැවත සේවයට කැඳවීමට රජය තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරනවා.

රට තුළ පවතින වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය පියවීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව යි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව මෙලෙස නැවත කැඳවන ලද විශ්‍රාමික වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් කොන්ත්‍රාත් පදනම මත සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇතුළත් කරනු ලබනවා.

ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ පිරිසක් රට හැර යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින අතර ඒ හේතුවෙන් රෝහල් ගණනාවකම කටයුතු අඩාල වී තිබෙනවා.