ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ ඇති පිළිකා විකිරණ යන්ත්‍රය කැඩී තිබීම හේතුවෙන් විකිරණ ප්‍රතිකාර ගත යුතු රෝගීන් මේ වන විට දැඩි අසරණ තත්ත්වයට පත් වී ඇති බව සමස්ත ලංකා ඖෂධ බෙදාහරින්නන්ගේ සංගමයේ ලේකම්වරයා පවසනවා.
ඔහු සඳහන් කරන්නේ මෙම යන්ත්‍රය අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් විසින් සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් කර අති නමුත් ඒ සඳහා විසඳුමක් තවමත් ලැබී නොමැති බවයි.
අසාධ්‍ය තත්ත්වයේ පසුවන පිළිකා රෝගීන් 30 දෙනෙකුට පමණ දෛනිකව මෙම යන්ත්‍රය මඟින් ප්‍රතිකාර ලබා දෙන අතර දකුණු පළාතේ මෙන්ම බදුල්ල, මොනරාගල දිස්ත්‍රික්ක වල පිළිකා රෝගීන් ද ප්‍රතිකාර ගැනීම සඳහා යොමු වන්නේ කරාපිටිය ශික්ෂණ රෝහලට බැවින් ඒ සියලු රෝගීන් අපහසුතාවයට පත් වී ඇති බවයි ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ,

