පොරොන්දු වූ පරිදි ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස ඉල්ලා කරන සටන යළිත් ආරම්භ කිරීමට කටයුතු කරන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කරනවා.
එම අරගලයේ තවත් එක් පියවරක් ලෙස ලබන ඔක්තෝම්බර් 5 වන දා ට යෙදෙන ගුරු දිනයේ සිට අධ්‍යාපන කටයුතු වලට බාධා නොවන ලෙස පාසල්වල විවිධාකාර විරෝධතා රැසක් රට පුරා ක්‍රියාත්මක වන බව ඔහු අවධාරණය කරනවා.
ඒ අනුව පොරොන්දු වූ ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ ඉතිරි වැටුප් වැඩි කිරීම ඇතුළුව තවත් කරුණු රැසක් මුල් කර ගෙනා ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පෙර පරිදිම ඒකාබද්ධව මෙම විරෝධතාව ආරම්භ කරනු ලැබෙනවා.
විරෝධතාවයේ මූලික පියවර ලෙස පාසල් කාලයෙන් පසු උද්ඝෝෂණ, පාසල් කාලය තුල කළු පටි පැළඳ ඉගැන්වීම් කටයුතු වල නිරත වීම ආදිය පමණක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ.

