සැප්තැම්බර් මාසයේ ගත වූ දින 10ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 900කට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරනවා.
එමෙන්ම පසුගිය මාසයේ දී රෝගීන් 5,000 ක පමණ ප්‍රමාණයක් ද හඳුනා ගෙන ඇති අතර එම පිරිසෙන් 50% කට ආසන්න ප්‍රමාණයක් ම බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා සඳහන් කළේ.
පසුගිය මාසයේ සහ මේ දිනවල දෛනික ඩෙංගු රෝගීන් වාර්තා වීමේ අඩුවක් නිරීක්ෂණය කළ හැකි බව ඒ මහතා පවසනවා.
කෙසේවෙතත් දිවයින පුරා පවතින කඩින් කඩ වැසි තත්ත්වය හේතුවෙන් මදුරු ගහනය නැවතත් වැඩි වීමේ අවදානමක් මතුව ඇති බවයි වෛද්‍යවරයා අවධාරණය කරන්නේ.

