දිස්ත්‍රික්ක හතරකට නායයෑමේ අවධානම දීර්ඝ කරයි

පවතින වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක කිහිපයකට පැන වූ නායයෑමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරනවා.

ඒ අනුව ගාල්ල, කලුතර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික් වලට මෙලෙස නායයෑමේ අවදානම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.