2023 අ.පො.ස. උසස් පෙළ විභාගය මෙම වසරේ නොවැම්බර් 27 වැනිදා සිට දෙසැම්බර් 21 දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනය කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙවර උසස් පෙළ විභාගය සඳහා දෙවැනි සහ තෙවැනි වර පෙනී සිටින අයදුම් කරුවන් ඉල්ලා සිටින්නේ මාස දෙකක් වැනි සුළු කාලයකින් විභාගයට සූදානම් වීම අපහසු බැවින් ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දෙන ලෙසයි.
2022 වර්ෂයේ උසස් පෙළ විභාගය ප්‍රතිඵල ඉකුත් 4 වැනිදා නිකුත් විය.

