ඉල්මනයිට් ටොන් 65,000 ක් චීනයට

ලංකා ඛනිජ වැලි සමාගමෙන් ඉල්මනයිට් ටොන් 65,000 ක් ඉදිරි සති කිහිපය තුළ චීනයට අපනයනය කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වෙනවා.

ඒ හරහා ඇමරිකානු ඩොලර් මිලියන 21කට වැඩි ආදායමක් උපයා ගත හැකි බවයි එහි සභාපති වෛද්‍ය උදේනි දසනායක මහතා සඳහන් කරනවා.

එසේම ඉදිරියේ දී ඛනිජ වැලි ආශ්‍රිතව අගය එකතු කළ නිෂ්පාදන කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති ද, බොහෝදුරට එම කටයුතු මේ වසර අග වන විට ආරම්භ කිරීමට හැකි වනු ඇති බවයි ද ඔහු පෙන්වා දෙනවා.