කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් 80% ක් අවසන්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් මේ වනවිට 80% ක් පමණ අවසන් බව වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.

වරාය අධිකාරියේ අරමුදල් යොදා ගනිමින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියට වැය කෙරෙන සම්පූර්ණ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 850 ක් වන බවයි වාර්තා වෙන්නේ.

එසේම ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළේ එහි මෙහෙයුම් කටයුතු ලබන වසරේ ජුනි පළමුවැනිදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව යි.

මේ අතර අදානි සමාගමේ ආයෝජනය ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම්ද මේ වනවිට 20% කින් පමණ අවසන් කර ඇති බවයි ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.