සුරාබදු ඉල්ලක්ක හරි අඩක්වත් සපුරා නොමැති බව හෙළි වෙයි

2023 වසරේ ජනවාරි සිට පසුගිය ජුනි දක්වා කාලය තුළ ඉලක්කගත සුරාබදු ආදායමෙන් අඩක්වත් එකතු කර ගැනීමට නොහැකි වී ඇති බව පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිලිබඳ කාරක සභාවේ සැප්තැම්බර් 06 වන දින වාර්තාව පෙන්වා දෙනවා.

එම වාර්තාවට අනුව එම කාලයේ ඉලක්කගත සුරාබදු ආදායම රුපියල් බිලියන 214 ක් වුවත් ඉන් රජයට එකතු කර ගත හැකිව තිබෙන්නේ රුපියල් බිලියන 88.6 ක් පමණක් වනවා.

එමෙන්ම ඉලක්කගත දුම්කොළ ආදායම රුපියල් බිලියන 3 ක් වුවත් රජයට එකතු කර ගත හැකිව තිබෙන්නේ රුපියල් මිලියන 363 ක මුදලක් පමණක් වන බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ.

Online ඔස්සේ සිදු කරන මත්පැන් අලෙවිය සහ මත්පැන් නිෂ්පාදකයන් සිල්ලර මත්පැන් වෙළඳාමේ නියැලීම රජයට අයවිය බදු ගෙවීම පහර හැරීමට හේතු වී තිබෙන බවත් එම අලෙවිය හේතුවෙන් වයස අවුරුදු 21 ට අඩු පුද්ගලයන් සංධා ත්