2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තරඟ සඳහා වන ප්‍රවේශපත්‍ර ගාස්තුවල මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.
සැප්තැම්බර් මස 9,12,14, සහ 15 දිනවල පැවැත්වෙන සුපිරි සිව්දෙනාගේ වටයේ තරග සඳහා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ Lower Block C සහ D කොටසේ ප්‍රවේශපත්‍ර ක්‍රීඩාලෝලීන්ට රුපියල් 1,000ක මුදලකට මිලදීගත හැකි වනවා.
ලබන සෙනසුරාදායින් ආරම්භ වන සුපිරි සිව්දෙනාගේ වටයේ තරග සඳහා පාකිස්තාන, බංග්ලාදේශ සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අද පස්වරුවේ දිවයිනට පැමිණියා.

