අද පස්වරු 4 සිට හෙට පස්වරු 4 දැක්වා කාලය තුළ වලංගු වන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
රත්නපුර දිස්ත්රික්කයේ කුරුවිට, රත්නපුර, ඇහැළියගොඩ සහ කලවාන ප්රදේශවලට ද, කළුතර දිස්ත්රික්කයේ ඉංගිරිය ප්රදේශයටද ඇම්බර් වර්ණයෙන් යුතු නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.
එසේම රත්නපුර දිස්ත්රික්කයට අයත් අයගම, ඇලපාත, කොලොන්න, පැල්මඩුල්ල, කහවත්ත, කිරිඇල්ල, ගොඩකවෙල සහ නිවිතිගල ප්රදේශවලට කහ වර්ණයෙන් යුතු නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.
ගාල්ල දිස්ත්රික්කයේ නාගොඩ, බද්දේගම සහ ඇල්පිටිය ප්රදේශවලට හා කළුතර දිස්ත්රික්කයේ බුලත්සිංහල, පාලින්දනුවර, වලල්ලාවිට සහ මතුගම ප්රදේශවලට ද කහ වර්ණයෙන් යුතු නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.
තවද මහනුවර දිස්ත්රික්කයේ උඩපළාත ප්රදේශයට ද කෑගල්ල දිස්ත්රික්කයේ යටියන්තොට, දැරණියගල, වරකාපොළ, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල සහ දෙහිඕවිට ප්රදේශවලටද කහ වර්ණයෙන් යුතු නායයෑමේ අනතුරු ඇඟවීම සිදුකර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

