දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සම්මත වෙයි

අද පැවති දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත දෙවනි වර කියවීමේ දී එය වැඩි ඡන්ද 45 කින් සම්මත වී තිබෙනවා.

මෙම කෙටුම්පතට පක්ෂව ඡන්ද 103ක් හිමි වූ අතර, විපක්ෂව හිමි වී තිබුණේ ඡන්ද 58 ක් බවයි කථානායකවරයා විසින් දැනුම් දී ඇත්තේ.

එසේම සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත ද කාරක සභා අවස්ථාවේ දී තෙවන වර කියවීම සමත් වී තිබෙනවා.