නායයෑමේ අවදානමක් මතුව තිබීම හේතුවෙන් බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් හතරකට නිවාඩු දීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.
ඒ අනුව හොරණ අධ්‍යාපන කොට්ඨාසයේ බුලත්සිංහල හල්වතුර දෙමළ විද්‍යාලය, පරගොඩ කිතුල්ගොඩ කනිෂ්ඨ විද්‍යාලය සහ ඉහල වෙල්ගම කනිෂ්ඨ විද්‍යාලය යන විදුහල් ඊයේ සිට තාවකාලිකව වසා දමා තිබෙනවා.
එසේම මතුගම අධ්‍යාපන කලාපයට අයත් මෝල්කාව ධර්මපාල මහා විද්‍යාලය ද ගංවතුර තරිජන හේතුවෙන් වසා දමා ඇති බවයි වාර්තා වෙන්නේ.

