අයහපත් කාලගුණය හේතුවෙන් අසාර්ථක වූ උත්සාහයන්ගෙන් ගෙන් පසුව අද දිනයේ සාර්ථව ලෑන්ඩරය (lander) සහිත රොකට්ටුවක් දියත් කිරීමට ජපානය සමත් වී තිබෙනවා.
“Moon Sniper” ලෙස නම් කර ඇති ලෑන්ඩරය ලබන පෙබරවාරි මාසය වන විට සඳේ ෂියෝලි ආවාටය අසල ස්ථානයක සිට මීටර් 100 ක් පමණ දුරින් වූ ස්ථානයකට ගොඩ බෑමට අපේක්ෂා කරන බවයි ජපාන අභ්‍යවකාශ මධ්‍යස්ථානය සඳහන් වෙන්නේ.
එය මාස හතරක් ඇතුළත සඳේ කක්ෂයට ඇතුළු වීමට නියමිත අතර ගොඩබෑමට ප්‍රථම එය මාසයක පමණ කාලයක් සඳ වටා ගමන් කරනු ඇත.
ඩොලර් මිලියන 100 ක් වැය වන මෙම මෙහෙයුමේ අරමුණ සඳ මත සැහැල්ලු මෙන්ම අඩු වියදම් අභ්‍යවකාශ යානයක් ගොඩබැස්සවීමට ටෝකියෝවට ඇති හැකියාව ප්‍රදර්ශනය කිරීම බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.
එසේම එක්සත් ජනපදය, රුසියාව, චීනය සහ ඉන්දියාවට පසුව සඳ මත ගොඩ බැස්ස පස්වන රට බවට පත්වීමට තමන්ට මෙවර හැකි වන බව ද ජපානය සඳහන් කරනවා.

