තද වැසි ඇතිවීම පිළිබඳ දිස්ත්‍රික්ක 10 කට බලපාන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත්, ගාල්ල, මාතර, පුත්තලම, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්වලත් මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැකි බව යි එම නිවේදනයේ දැක්වෙන්නේ.
නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමඟ දිවයිනේ නිරිත දිග කොටසේ ඇති වී ඇති වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
අද පෙරවරු 08. 30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මිලිමීටර 60.05ක් ලෙස කෑගල්ල දිස්ත්‍රික්යේ වරකාපොළ ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවෙල සහ කටුනායක යන ප්‍රදේශවලට ද මිලිමීටර 50 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති බවයි වාර්තා වෙන්නේ.

