ලබන වසරේ සිට විද්‍යාපීඨ එක් කර විශ්වවිද්‍යාලයක්

ලබන වසරේ විද්‍යාපීඨ ගුරු අභ්‍යාසලාභීන් බඳවා ගන්නේ විද්‍යාපීඨවලට නොව සියලු විද්‍යාපීඨ එකතු කර පිහිටුවනු ලබන ‘ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලයට’ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අවධාරණය කරනවා.

අපේක්ෂිත ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි පිළිගත් විශ්වවිද්‍යාලයක් වශයෙන් 2027 වන විට අධ්‍යාපනවේදී උපාධිධාරී ගුරුවරුන් බිහි කරන ආයතනයක මට්ටමට ගෙන ඒම සිය අපේක්ෂාව බවයි අමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ.

මේ සඳහා වූ අවශ්‍ය සංකල්ප පත්‍රිකාව දැනටමත් දමා අවසන් ව ඇති අතර, ඉදිරි සතියේ දී සවිස්තර කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට ද කටයුතු යොදා ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා