නියඟය හේතුවෙන් කුඹුරු අක්කර 61,000 ක් විනාශයි

නියඟය හේතුවෙන් රට පුරා කුඹුරු අක්කර 60,930 ක් හානි වී ඇති අතර ගොවීන් 62,375 දෙනෙක් පීඩාවට පත් ව ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

වැඩිම වගා හානිය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ප්‍රමාණය අක්කර 26,654 කි.

දෙවනි වැඩිම වගා හානිය වාර්තා වී ඇත්තේ උඩවලව කලාපයෙන් වන අතර එම ප්‍රමාණය 14,810 කි.

මෙම වගා හානි වල ස්වභාවය අනුව වැඩිම වගා හානි වාර්තා වෙන්නේ කුඩා වැව් යටතේ වගා කරන ලද කුඹුරු වලට වන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.