ඖෂධීය කංසා වගාවට අනුමැතිය

ඖෂධීය කංසා වගාවට අනුමැතිය සලසා දෙන ගැසට් නිවේදනය ආයුර්වේද නීති සංග්‍රහය හරහා ප්‍රකාශයට පත් කරන බව දේශීය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කරනවා.

කංසා සහ තවවත් ඖෂධ කිහිපයක් ම වාණිජ වගා ලෙස ප්‍රවර්ධනය කළ යුතු බව ද, එසේ නැතිනම් පාරම්පරික වෙදකම නැති වී යා හැකි බව ද අමාත්‍යවරයා අවධාරණය කරනවා.

එසේම ආයුර්වේද සම්බහනයන් සඳහා NVQ Level 4 මට්ටමේ පුහුණුවක් ද, ආයුර්වේදයේ ලියාපදිංචිය ද ලබා දෙන බවයි ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කියා සිටියේ.