එක්සත් ජාතික පක්ෂය අද සිය 77 වන සංවත්සරය සමරනවා.
එම සංවත්සරය නිමිත්තෙන් එක්සත් ජාතික පක්ෂය ඩිජිටල්කරණයට ලක් කිරීම ද අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද පැවැත්වීමට නියමිත ය.
එහි මූලික පියවර ලෙස අන්තරජාලය ඔස්සේ පක්ෂය සමඟ සම්බන්ධ වීමට පාක්ෂිකයාට අවස්ථාව හිමිවන බවයි පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ.
අද පෙරවරුවේ සර්ව ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව දිවංගත පක්ෂ නායකයන්ගේ පිලිරුවලට පුෂ්පෝපහාර හා මල් දම් පැවැත්වීමට ද නියමිත බවයි වාර්තා වෙන්නේ.

