රුපියලේ සුළු අවප්‍රමාණය වීමක්

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා.

ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 313.93 සිට රු. 314.87 දක්වා වැඩි වී තිබෙනවා.

එසේම එහි විකුණුම් මිල රු. 326.28 සිට රු. 326.65 ක් දක්වා වැඩි වී තිබෙන බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.