පවතින වර්ෂාපතන තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.
ඒ අනුව කළුතර දිස්ත්රික්කයේ ඉංගිරිය සහ බුලත්සිංහල ප්රාදේශීය කොට්ඨාස සඳහා ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
එසේම කෑගල්ල දිස්ත්රික්කයේ වරකාපොල, රත්නපුර දිස්ත්රික්කයේ කුරුවිට, රත්නපුර සහ ඇහැලියගොඩ යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සදහා ද නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

