2023 අ.පො.ස. උසස් පෙළ විභාගය කල් දැමීමේ හැකියාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේතුවේ දී ප්‍රකාශ කළා.
ඒ අනුව පෙර සැලසුම් කර පරිදි මෙවර විභාගය නොවැම්බර් 27 වන දා ආරම්භ වීමට නියමිත යි.
අමාත්‍යවරයා සඳහන් කළේ එලෙස විභාගය කල් දැමීම 2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට සහ පාසල් විෂය නිර්දේශය ආවරණය කිරීමට බලපානු ඇති බවයි.
උසස් පෙළ විභාග කල් දමන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, සරත් වීරසේකර ඇතුළු ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය ප්‍රේමජයන්ත මේ බව සඳහන් කළේය.

