ප්‍රංශයේ අබායා පැළඳි පාසල් සිසුවියන් 67 දෙනෙක් යළි නිවෙස් වලට

අබායා පැළඳ රජයේ පාසල් වලට පැමිණීම පසුගිය සතියේ ප්‍රංශ අධ්‍යාපන අමාත්‍යවරයා විසින් තහනම් කරමින් නිවේදනයක් කළත් නව වාරය සඳහා පාසල් ආරම්භ කළ ඊයේ දිනයේ සිසුන් 300 කට ආසන්න පිරිසක් අබායා පැළඳ පාසලට පැමිණ ඇති බව වාර්තා වෙනවා.

එයින් 298 දෙනෙක් ම වයස අවුරුදු 15 හෝ ඊට වැඩි වයස් වල සිසුවියන් වන අතර ඉන් බොහෝ දෙනා අබායා හැර වෙනත් ඇඳුම්වලට මාරු වීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් ළමයින් 67 දෙනෙක් එලෙස වෙනත් ඇඳුම් ඇඳීම ප්‍රතික්ෂේප කර තිබුණු අතර එම පිරිස නැවතත් නිවෙස් වලට යැවීමටයි එම පාසල් බලධාරීන් කටයුතු කර තිබෙන්නේ.

අදාළ පිරිසේ පවුලේ අය සමඟ ද මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට පාසල් බලධාරීන් කටයුතු කරන බව සඳහන් වන අතර එහි දී යම් හෙයකින් ඔවුන් තවදුරටත් වෙනත් ඇඳුම් ඇඳ පාසල් පැමිණීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන් පාසල් වලින් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ප්‍රංශයේ මුස්ලිම් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් මෙම තීරණයට එරෙහිව පෙත්සමක් එරට අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.