වර්ෂාව හේතුවෙන් යළි ඩෙංගු ඉහළ යාමේ අවදානමක්

පවතින වර්ෂාවත් සමඟ නැවතත් ඩෙංගු ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පවසනවා.

පසුගිය සතිය වන විට ඩෙංගු වාර්තා වීම 10.3% කින් අඩු වී තිබුණු අතර ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව ද 60 ගණනක සිට 27 දක්වා අඩු වී තිබෙනවා.

අගෝස්තු මාසයේ දී ආසාදිතයන් 5189 ක් වාර්තා වී ඇති අතර සැප්තැම්බර් මස පළමු දින දෙකෙහි පමණක් ආසදිතයක් 235 ක් වාර්තා වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

2023 වසර ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ගණන 62,113 ක් වන අතර ඉන් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙනවා.

එසේම වාර්තා වී ඇති මුළු මරණ ගණන 38 කි.