මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ පෙරහැර පවතී දින 10 ක කාලයේ දී මහනුවර නගරයේ කසළ ටොන් 250 ක් පමණ එකතු වී ඇති බව මහනුවර නගර සභාවේ කසළ කළමනාකරණ ඒකකයේ ප්‍රධාන ඉංජිනේරු නාමල් දිසානායක මහතා සඳහන් කරනවා.
ඒ අතර ටොන් 50 ක පමණ ප්‍රමාණයක් ප්ලාස්ටික් බෝතල්, පොලිතීන් ඇතුළු ඝන අපද්‍රව්‍ය වන බවයි ඔහු පවසන්නේ.
පෙරහැර නැරඹීමට පැමිණි ජනතාව අක්‍රමවත් ලෙස පරිසරයට බැහැර කර තිබූ කසළ ටොන් 10 ක් පමණ ද, අලි ඇතුන් ගාල් කර සිටි ස්ථානවලින් අලි මල ද්‍රව්‍ය සහ කිතුල් කොට ඇතුළු අපද්‍රව්‍ය දෛනිකව ටොන් 15 ක් පමණ ද එකතු වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
රාත්‍රී පෙරහැර අවසන් වූ පසු ජනතාව විසින් තමන් සිටි තැනම ප්ලාස්ටික් බෝතල්, පොලිතින් මෙන්ම ඉතිරි ආහාර ද්‍රව්‍ය ද දමා යාම හේතුවෙන් ඒවා අළුයමට පෙර ඉවත් කිරීමට නගර සභා සේවකයන් විශාල වෙහෙසක් දැරූ බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

