පිරිසිදු මුදල් නෝට්ටු භාවිතය තහවුරු කිරීම සඳහා 2022 වසරේ දී රුපියල් බිලියන 207.3 ක් වටිනා පළුදු වූ මුදල් නෝට්ටු මිලියන 238.5 ක් විනාශ කර ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුව සඳහන් කරනවා.
රටෙහි සංසරණය වන ව්‍යවහාර මුදල් නෝට්ටු ගුණාත්මක තත්ත්වයේ ඒවා බව තහවුරු කිරීම සඳහා ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව විසින් මෙම පියවර ගෙන තිබෙනවා.
2021 වසරේ ද මෙලෙස රුපියල් බිලියන 44.3 ක වටිනාකමින් යුතු පළුදු වූ නෝට්ටු තොගයක් විනාශ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

