හදිසි ජනාධිපතිවරණයකට ගෙනෙන ව්‍යවස්ථා සංශෝධනයට සහය දෙනවා – AKD

ජනාධිපතිවරණයක් කඩිනමින් පැවැත්වීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් කරන්නේ නම් ඒ සඳහා සහය දීමට ජාතික ජන බලවේගය සූදනම් බව එහි නායක අනුර කුමාර දිසානායක පවසනවා.

එම ව්‍යවස්ථා සංශෝධනයේ නිශ්චිත ලෙස ජනාධිපතිවරණ පැවැත්වෙන කාලවකවානු ඇතුළත් කර තිබිය යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

එසේම ඔහු සඳහන් කරන්නේ දැනට ජනාධිපතිව සිටින රනිල් වික්‍රමසිංහ මහතා ජනවරමක් නොමැති නායකයෙකු ලෙස නීති විරෝධී ආකාරයෙන් රට පාලනය කරන බැවින් කඩිනමින් ජනාධිපතිවරණයක් සඳහා අවස්ථාවක් සැලසිය යුතු බවයි.