Saola සුළි කුණාටුව චීනයේ දකුණු ප්‍රදේශයට කඩා වැදී ඇති අතර ඒ හේතුවෙන් Guangdong ප්‍රාන්තය අවට Shenzhen, Hong Kong සහ Macau යන ප්‍රදේශවලට තද සුළං තත්ත්වයක් ඇති වී තිබුණා.
එසේම එම ප්‍රදේශවල ජල ගැලීම් ද වාර්තා වන බවත්, මෙම ආපදා තත්ත්ව හේතුවෙන් එක් පුද්ගල මරණයක් වාර්තා වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
පැයට කිලෝමීටර 200 ක පමණ වේගයක් සහිත මෙම කුණාටුව හේතුවෙන් හොංකොං හි ගුවන් ගමන් වාර සිය ගණනක් අවලංගු කර ඇති අතර නව වසරේ පාසල් ආරම්භ කිරීම ද කල් දමා තිබෙනවා.
මේ වන විට සුළි කුණාටුව යම්තාක් දුරට දුර්වල වී තිබුණත් ජනතාවට තවමත් ආරක්‍ෂිත ස්ථාන වල රැඳී සිටින ලෙස උපදෙස් ලබා දී ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කරන්නේ

