සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට ගොඩ බැසූ පළමු රට බවට පත්වෙමින් ඉතිහාස ගත වූ ඉන්දියාව සිය පළමු නිරීක්ෂණ මෙහෙයුම සූර්යයා වෙත දියත් කිරීමට සූදානම් වන බව වාර්තා වෙනවා.
Aditya-L1 ලෙස හඳුන්වන මෙය අද දිනයේ ඉන්දීය වේලාවෙන් 11:50 ට Sriharikota හි දී දියත් කිරීමට නියමිතය.
සූර්යයා පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 1.5 ක දුරින් පිහිටා ඇති අතර ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය පවසන්නේ මෙම දුර ගමන් කිරීමට යානයට මාස හතරක කාලයක් ගතවනු ඇති බවයි.
මෙම මෙහෙයුම සඳහා වැය වී ඇති මුදල රුපියල් බිලියන 3.78 ක් එනම් ඇමරිකානු ඩොලර් මිලියන 46 ක් බවයි ඉන්දියානු පුවත්පත් වාර්තා කර තිබෙන්නේ.

