කෘෂි අපනයන ආදායම් ඉහළට

පසුගිය වසර 5 ට සාපේක්ෂව කෘෂි බෝග අපනයනයෙන් වැඩිම විදේශ විනිමය උපයා ගැනීමට 2023 වසරේ මේ දක්වා කාල පරාසය තුළ හැකි වී ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

2023 වසරේ මුල සිට ජූනි දක්වා මෙට්‍රික් ටොන් 34,771ක් අපනයනය කර රුපියල් මිලියන 86,680ක් ආදායම උපයා ගැනීමට හැකියාව ලැබී තිබෙන බවයි එහි සංවර්ධන අධ්‍යක්ෂ උපුල් රණවීර මහතා සඳහන් කරන්නේ.

කුරුඳු, කරාබු, ගම්මිරිස් වැනි බෝග මෙන්ම පුවක් මේ සඳහා විශාල වශයෙන් දායක වන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.