ලෝක ආහාර වැඩසටහනේ වාර්තාවලට අනුව මිලියන 06 ක පමණ ශ්රී ලාංකිකයන් පිරිසක් ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙලෙන බව අනාවරණය වී තිබෙනවා.
එසේම ලෝක බැංකු වාර්තා පෙන්වා දෙන්නේ මෙරට දුගී අනුපාතය 2021 සිට 2022 වසර දක්වා කාල සිමාවේ දී දෙගුණයකින් පමණ වැඩි වී ඇති බවයි.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිත අසූසා කුබෝටෝ පවසන්නේ රජය මගින් යම් ප්රතිසංස්කරණ ක්රියාවලි ක්රියාත්මක කිරීමේ දී එමඟින් ජනතාවට ඇති වන බලපෑම පිළිබඳව අවබෝධයකින් කටයුතු කළ යුතු බවයි.

