රුසියාවට තවත් යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක්

අද අලුයම රුසියාවේ කුර්චතොව් (Kurchatov) නගරය වෙත යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් එල්ල වී තිබෙනවා.

ප්‍රහාරයෙන් පරිපාලන හා නේවාසික ගොඩනැගිල්ලකට හානි සිදු වී ඇති අතර එක් ප්‍රහාරක ඩ්‍රෝන යානයක් මොස්කව් අසල වෙඩි තබා බිම හෙළීමට රුසියානු ආරක්ෂක අංශ සමත් වී තිබෙන බවයි වාර්තා වෙන්නේ.

ප්‍රහාරයෙන් සිදු වූ හානිය තවමත් තක්සේරු කර නොමැති අතර ජීවිත හානි කිසිවක් සිදු වී නොමැති බවයි ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා වන Roman Starovoit මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙන්නේ.

එසේම මොස්කව්හි ප්‍රධාන ගුවන්තොටුපොළ තුනක් වන Sheremetyevo, Domodedovo සහ Vnukovo හි උදෑසන ගුවන් ගමන් ද තාවකාලිකව අවලංගු කිරීමට පියවර ගෙන තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.