බස් ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවක්

ඉන්ධන මිල ඉහළ යාමට සමගාමීව බස් ගාස්තු ද 4% කින් ඉහළ දැමීමේ යෝජනා වී තිබෙන බවයි වාර්තා වෙන්නේ.

ඒ ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියෝජිතයක් අතර අද පෙරවරුවේ පැවති සාකච්ඡාවක් අතරතුර දී ය.

එහි දී අවම බස් ගාස්තුව නොවෙනස්ව තබා ගැනීමට ද යෝජනා වී ඇති බව සදහන් වෙනවා.

මෙම බස් ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනාව ප්‍රවාහන අමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමට නියමිත ය.