සයිනොපෙක් ඉන්ධන මිල ගණන් ද වෙනස් වෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ඊයේ දිනයේ ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව සයිනොපෙක් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව සයිනොපෙක් ඉන්ධන පිරවුම්හලවල් වල මිල ගණන් මෙසේ ය.

ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් – රුපියල් 358
ඔක්ටෙන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් – රුපියල් 414
ඔටෝ ඩීසල් ලීටරයක් – රුපියල් 338
සූපර් ඩීසල් ලීටරයක් – රුපියල් 356
භූමිතෙල් ලීටරයක් – රුපියල් 231

සයිනොපෙක් පෙට්‍රල් සහ ඩීසල් මිල සෙපෙට්කෝ සහ IOC මිලට වඩා රුපියල් 03 ක් අඩු වන අතර දෙකෙහිම භූමිතෙල් මිල එකම අගයක් ගනු ලබනවා.