සංවහන වැසි යොදා ගනිමින් මූලික බිම් සැකසුම් කටයුතු ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් ගොවි ජනතාවට දැනුම් දීමක් සිදු කරනවා.
ලබන වසරේ ජනවාරි සිර නැවතත් වියළි කාලගුණයක් ඇති වීමේ අවදානමක් ඇති බැවින් වගාවන් සඳහා අවශ්‍ය ජලය කළමනාකරණය සඳහා මෙම පියවර ගෙන තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
මේ අතර ලබන මහා කන්නයේ වී වගා කටයුතු ඔක්තෝම්බර් 15 හෝ ඊට ආසන්න දිනයක් තුළ ආරම්භ කිරිමට් සියලු අංශ එකඟත්වය පළ කර ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

