ශ්‍රී ලංකාව ඉලක්ක කර ගත පිරමිඩ ජාවාරම් 100 ක් පමණ තවමත් අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක බව බුද්ධි අංශ අනාවරණය කර ගෙන තිබෙනවා.
මෙවැනි පිරමිඩ ක්‍රම නියාමනය සඳහා නීති පද්ධතියක් තිබිය දී ත් වගකිව යුතු අංශ ඒවා නිසි ලෙස අධීක්ෂණය නොකිරීම ඒවා ව්‍යාප්ත වීමට හේතු වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මෙම මූල්‍ය ත්‍රස්තවාදය සම්බන්ධව සොයා බැලීම සඳහා මහා බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය වෙත සියලු බලතල ලබා දී ඇත.

