අනාගත පරපුර නවීන තාක්ෂණයෙන් මෙන්ම මූල්‍ය සාක්ෂරතාවයෙන් ද සවිබල ගැන්වීම 2048 වනවිට දියුණු ශ්‍රී ලංකාවක් කරා යන ගමනේ දී ඉතා වැදගත් පියවරක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
එහි එක් අදියරයක් ලෙස ලබන වසරේ සිට මහ බැංකු වර්තාව පාසල්වල සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා ගුරුවරුන්ට හා ශිෂ්‍ය නායකයින්ට අවශ්‍ය පුහුණුව ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කරනවා.
අද පෙරවරුවේ මහනුවර නුගවෙල මධ්‍ය විද්‍යාලයේ පැවති තෝරාගත් පාසල් 100ක ‘ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම්’ පිහිටුවීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියා.

