අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 361 කි.
එසේම 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 42කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 417කි.
ලංකා සුදු ඩීසල් මිල රුපියල් 35කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 341ක් ද, ලංකා සුපිරි ඩීසල් නව මිල රුපියල් 359 ක් ද ලෙස සටහන් වෙනවා.
ලංකා භූමිතෙල් මිල රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 231ක් ලෙසට යි.
මෙම සෙපෙට්කෝ ඉහළ දැමීම වලට සමගාමීව IOC ඉන්ධන මිල ගණන් ද ඉදිරියේ දී ඉහළ යනු ඇති බවයි වාර්තා වෙන්නේ.

