මඩු පාර රක්ෂිතයේ හෙක්ටෙයාර් 56.8 ක කොටසක් ගැසට් නිවේදනයක් මගින් ජනතාව සඳහා නිදහස් කර තිබෙන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
අදාළ කොටසේ පවතින කුඹුරු ඉඩම් වසර ගණනවක් තිස්සේ ජනතාව වගා කරමින් සිටි බැවින් ජනතාව කළ ඉල්ලීම් සලකා බලා මේ පියවර ගත් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කෙසේවෙතත් මෙලෙස රක්ෂිත කොටස ජනතාව වෙනුවෙන් මුදා හැරීම නීති විරෝධී බවත්, ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් පරිසර යුක්ති කේන්ද්‍රය අවධාරණය කරනවා.

